Cryptographic hash function (ගුප්ත ලේඛන හැශ් ශ්‍රිතය) . (දෙවන කොටස)


ගුප්ත ලේඛන (Cryptographic) වල අපි පළමුව තෙරුම් ගත යුත්තෙ cryptographic hash function (ගුප්ත ලේඛන හැෂ් ශ්‍රිතය) පිළිබඳවයි. හැශ් ශ්‍රිතය යනු පහත ගුණංග තුනෙන් සමන් විත ගණිතමය ශ්‍රිතයකි.


(1) එහි Input එක ඕනැම Size ඩිජිටල් විය හැක.

(2) එහි Output එක ස්ථාවර ප්‍රමාණයේ Out put එකක් විය යුතුය. Bitcon පිළිබඳව හදාරන නිසා මෙහි ප්‍රමාණය 256 bit Out put එකක් ලෙස උපකල්පනය කරමු.

(3) එය කාර්යක්ෂම ගණනය කළ හැකි විය යුතුයි. මෙහිදී අදහස් කරන්නෙ ඔබ ලබා දෙන In put එක  කුමක් වුවත් එයින් සාධාරණ කාලයක් තුළ හැෂ් ශ්‍රිතථෙ Out put එක හොයා ගත හැකි විය යුතුයි.

 

 මෙම ගුණංග සාමාන්‍ය Hash function එකක් නිර්මාණය කරයි. මෙහි දී හැශ් ශිත වර්ග කිහිපයක් ඇත. නමුත් අපි ගුප්ත ලේඛන  Hash function වලට පමණක් අවධානය යොමු කරමු. Hash function  එකක් ආරක්ෂිත විමට නම්, පහත ගුණංග තුන තිබිය යුතුයි .


(1) Collision resistance (ඝට්ටක ප්‍රතිරෝධ)

(2) Hiding (සැගවිම )

(3) Puzzle Friendliness (ප්‍රහේලිකා මිත්‍රත්වය )

Post a Comment

0 Comments